වැද්දා” යනු ආදි මානයාගේ සම්භවයක් බව
මානව විද්‍යාඥයන්ගේ නිගමනය වී ඇත. ලාංකික වැද්දන්ගේ ආරම්භය ආදි මානවයින්ගෙන් සිදුවී ඇති බව මානව විද්‍යාඥයින් දක්වා
ඇති නිගමනය සියයට සියයක් ම
නිවැරැදි යැයි පිළිගත හැකි බව වැද්දන් ගැන මෙතෙක් කෙරුණ ගවේෂණයන්ගෙන් ද සනාථ වෙයි.
මේ ආදි මානවයින්ගේ ආරම්භය ඇතිවූයේ එම යුගයේ දී ය. එම ආදි මානවයාගේ ආරම්භය
ගැන නිගමනය කිරීමේ දී පාෂාණ විද්‍යාඥයන්ගේ
මෙන් ම ප්‍රාග් ඉතිහාසඥයන්ගේ
අධ්‍යයනයන් ද උපයෝගි කරගෙන ඇත.
අධ්‍යයනයන් ද උපයෝගි කරගෙන ඇත.
අපේ රටේ ප්‍රාග් ඓතිහාසික කැණීම් හා පර්යේෂණ ආරම්භ වූයේ ක්‍රි.ව. 1885 දී පමණ ය. ඉංගී‍්‍රසි ජාතික
වැවිලිකරුවන් විසින් කරන ලද එම මුල් පර්යේෂණ පිළිබඳ ව සැරසින් සහෝදරයන්ගේ අවධානය ද යොමු
විය.
ප්‍රකට මානව විද්‍යාඥයෝ වූ සැරසින් සහෝදරයින් තම පර්යේෂණ කටයුතු පුළුල්
කරමින් ඌව වෙල්ලස්ස හා බින්තැන්නට අයත්
නිල්ගල, හෙනන්නේගල ආදි ස්ථාන කිහිපයක
ගල්ලෙන් ද ගල්ඕඩේ හා යකුන්ගේ හෙල ආදි පෙදෙස්වල
ද ගවේෂණ කටයුතුවල නිරත විය.
එම කාලයේදී බණ්ඩාරවෙල, බගවන්තලාව, බලන්ගොඩ, බෙලිගල්ගේ, දොළොස් බාගේ, ගම්පොල, හේනේබැද්ද, හම්බන්තොට, හෝටන්තැන්න, මඩොල්සිම, මිනිහා ගල්කන්ද, යාල ආදී ලංකාවේ විවිධ ස්ථාන කිහිපයක ඔවුන් ගවේෂණ
කටයුතු සිදු කළ නමුදු ඒවා මානව විද්‍යාත්මක කැණීම් නොවේ.
මෙරට ප්‍රාග් ඉතිහාසය පිළිබඳ අධ්‍යයනයේ යෙදුණ විද්වතුන් අතර සිටි එන්.ඒ.
නූන්, එච්.වී.වී. නූන්, හෙන්රි ෆාකර්, ජේ. පෝල්, ආචාය¸ පී සැරසින්, එච්. සැරසින් (සැරසින් සහෝදරයෝ) සී. හැට්ලි, සී.ජී. සෙලිග්මාන්, පාර්සන් ආදීන් වැදගත්
මෙහෙයක් ඉටුකර ඇත.
මෙරට ආදි මානවයන්ගේ වැදගත් තොරතුරු සනිටුහන් කරමින් ගනේගොඩ දේශීය ගල්ලෙන
කැණීම්වලදී ප්‍රාග් ඓතිහාසික මානව
ඇටසැකිල්ලක් සොයාගෙන ඇත.
එයින් පසු 1908 දී හා 1910 පාර්සන් හා හැට්ලි විසින්
කරන ලද බලංගොඩ හා බෙලිලෙන කැණීම්වලදී
ලංකාවේ ප්‍රාග් ඓතිහාසික මානව පරිණාමය පිළිබඳ කරුණු රැසක් මතු කරගත හැකි විය.
මේ කැණීම්වලදී ප්‍රාග් මානව අස්ථි අවශේෂයන්, ශිලා ආයුධ හා ප්‍රාග් මානවයා ආහාරයට ගත් බෙල්ලන්ගේ කටු ද සොයාගත හැකි විය. මේ අනුව ක්ෂුද්‍ර ශිලා යුගයේ මෙරට
විසූ ආදි මානවයා ඕස්ට්‍රේලියාවේ හා
මලයාවේ විසූ ආදි මානවයන් මෙන් ඉතා කුඩා මෙවලම් භාවිත කළ බව නිගමනය කළ හැකි වෙයි. බෙලිගල්ගේ අඩි 8 ක් තරම ගැඹුරට කැණ කරන ලද සොයා බැලීම මෙරට ආදිමානවයා පිළිබඳ සොයා බැලීමට මේතරම් ගැඹුරට කණින ලද ප්‍රථම අවස්ථාව වශයෙන්
සැලකේ.
ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික පර්යේෂණ ක්‍ෂෙත්‍රයේ අමරණීය නාමයක් දිනාගත්
දේශීය පුරාවිද්‍යාඥයන් අතර
මුල්තැනක් ගන්නා මහාචාය¸ පී.ඊ.පී.
දැරණියගල මහතා විසින් බෙල්ලන් බැදි පැලැස්සේදී
බලංගොඩ මානවයාගේ අස්ථි අවශේෂයන් සොයා ගැනීම ලංකාවේ ප්‍රාග් මානවයා පිළිබඳ කදිම සාධකයක්
වන්නේ ය.
මෙවන් සාධක සොයා යමින් ප්‍රාග් මානව යුගයේ සිට වැද්දන්ගේ විකාශය දක්වා
විවිධ පැතිකඩයන් ඔස්සේ පර්යේෂණ කළ
විද්වද්හු බොහෝ වෙති. දේශීය විද්වතුන් අතර මහාචාර්ය පී.ඊ.පී. දැරණියගල, මහාචාය¸ ශිරාන් දැරණියගල, ආචාය¸ ඩබ්.එම්. විජයරත්න, නන්දදේව විජේසේකර, ආනන්ද කුමාරස්සාමි, ඊ.එම්. රත්නපාල ආදීන් විශේෂ
තැනක් ගනී.
ආදි ශිලා යුගයේ මෙරට විසූ මානවයන් පිළිබඳ පර්යේෂණයන්ගෙන් පසුව බලංගොඩ
මානවයා පිළිබඳ මුලින් ම කරුණු හෙළිකළේ
පී.ඊ.පී. දැරණියගලසූරීන් විසිනි.
රේඩියෝ කාබන් කාල නීර්ණ පරීක්‍ෂණ දොළහකින් ලැබුණු ප්‍රතිඵල අනුව ක්‍රි.පූ. 11000 සිට 1000 දක්වා වූ මධ්‍යම ශිලා යුගයේ
දී මේ ආදි මානවයන් විසූ බවත්, එම
කාලවකවානුව ‘බලංගොඩ සංස්කෘතික යුගය’ ලෙස හැඳින්විය හැකි බවත්
දැරණියගල මහතා සඳහන් කරයි.
ඔහුගේ නිගමනයන්ට අනුව අපේ වංශ කතාවල දැක්වෙන එවකට ජීවත් වූ යක්‍ෂ ගෝත්‍රිකයන් බලංගොඩ මානවයාගෙන් පැවත ආ ජන
කොටසක් බව සාධක සහිත ව ඔප්පුකර ඇත. එසේ ම වැද්දන් යනු එම යක්‍ෂ ගෝත්‍රිකයන්ගෙන් පැවත එන්නන් බව ඔහු සැකයකින් තොර ව තහවුරු කර ඇත.
වංශ කතා හා වෙනත් සාක්‍ෂි අනුව ක්‍රි.පූ. 500 හෝ ඉන්පසු අවධිවල විසූ මිනිස් කොට්ඨාසවලට
(අමතරව) දුර්ග සුරක්‍ෂිත ස්ථානවල බලංගොඩ මානවයින්ගෙන් පැවත එන ජන වර්‍ගයන් ජීවත් වූ බව නිගමනය
කළ හැකි වේ.
ශිරාන් දැරණියගල මහතා දක්වන අන්දමට බලංගොඩ ආදි මානවයාගෙන් පැවත ආ මිනිස්
කොටසක් වූ යක්‍ෂ ගෝත්‍රික පරපුරේ
ඥාතින් හැටියට වැද්දන් හැඳින් විය හැකිය.
වැද්දන් පැවත එන්නේ ආදි මානව යක්‍ෂ ගෝත්‍රික අවස්ථා පසුකරමින් සිදු වූ
පරිණාමයේ ප්‍රතිඵලයක් ලෙසිනි. ඒ අනුව
වැද්දන්ගේ මුතුන් ඳත්තන් වන්නේ යක්‍ෂ ගෝත්‍රිකයන් ය.
කාල නීර්ණ පරීක්‍ෂණවලින් ලබා ගත් දත්තයන් හා මානව විද්‍යාත්මක සාධකයන්
මඟින් වැද්දන් පැවත එන්නේ යක්‍ෂයන්ගෙන්
බව මැනවින් විග්‍රහ කර දක්වයි. සැකයකින් තොරව එම කරුණු මානව විද්‍යාත්මක ව ඔප්පු කිරීම නිසා ශ්‍රී ලංකාවේ ආදි මානවයන්, යක්‍ෂයන් හා වැද්දන් යනු එකම මානව පරපුරක
පරිණාමයක ප්‍රතිඵල බව ප්‍රත්‍යක්‍ෂ වෙයි.
ආදි මානවයන් පිළිබඳ 1937 – 1940 අතර කාලයේ දී පී.ඊ.පී. දැරණියගල මහතා විසින් කරන ලද කැණීම් කටයුතුවලින් පසුව 1984 දී ශිරාන් දැරණියගල මහතා
බටදොඹ ලෙනේ කළ කැණීම්වලදී හමු වූ
අවශේෂයන් අතර තිබුණු වසර 2900 ක් තරම් පැරණි මානව ඇට සැකිල්ල හා අවු 10,000 –
13,000 අතර කාලයකදී ආදි මානවයන් ආහාරයට ගත් බැදි දෙල් ඇට වැනි දෑ නිසා ලංකාවේ ආදි මානව යුගය පිළිබඳ බොහෝ කරුණු
හෙළි කර ගත හැකි විය.
මෙම බලංගොඩ මානව සංස්කෘතියේ විශේෂ ලක්‍ෂණයක් වන්නේ ශිලා මෙවලම් නිපදවීමේ
නිපුණතාවය යි. ශිලා මෙවලම් භාවිත කළ
ආදි මානවයා කුඩා සතුන්ගේ මස් එම ආයුධ භාවිතයෙන් ඉරා ගැනීමටත්, කපා කොටා ගැනීමටත් දැන
සිටින්නට ඇතැයි සිතිය හැකිය.
බැදි දෙල් ඇට හා වෙනත් ඇට වර්‍ග කුඩා ගෙඩි වර්‍ග ඔවුන් ආහාරයට ගැනීමට
පුරුදුව සිටි බවට හොඳම සාධකය වන්නේ බට දොඹ
ලෙනෙහි අ¼ගුරු අතර තිබුණු බැදි දෙල්
ඇටවල අවශේෂයන් ය. ඒ අනුව ගින්දර නිපදවා ගැනීමට
ද ඔවුන් දැන සිටි බව නිගමනය කළ හැකි වේ. මෑත කාලයේ වැද්දන් තුළ පවා ආහාර ගින්නේ ලා පළහා කෑමේ සිරිත පවතී.
මීට පසු යුගයේ දී එනම් අවුරුදු 10,000 තරම් පැරණි මධ්‍යම ශිලා යුගයේ දී ඇති වූ දේශගුණික විපර්යාසයන් හේතුකොට ගෙන කටුක අද්දැකීම්වලට
මුහුණ දීමට මේ ආදිමානවයන්ට සිදු විය. දැඩි ආහාර හිඟයකට මුහුණ දුන් බලංගොඩ මානවයන්
ආහාර රැස්කරන්නන් බවට පත්වූවා පමණක් නොව ආහාර සඳහා ගත හැකි කුඩා පැළෑටි
වර්‍ග ඇට වර්‍ග සුළු ප්‍රමාණ වසයෙන් වගා කිරීමට ද පෙළඹෙන්නට ඇතැයි නිගනය කළ හැකිය. ආදි මානවයාගේ ආහාර ගැන සඳහන් කරන ශිරාන් දැරණියගල මහතා කිතුල් දෝතුළු වැනි තාල වර්‍ගයේ ගස්වලින් ඔවුන් සීනා හා පිෂ්ඨය ලබා ගන්නට ඇතැයි ද ගෝනල වැනි අල වර්‍ග ආහාරයට ගන්නට ඇතැයි ද සඳහන් කරයි.
පසුකාලයේ විසූ වැදි ජනයා ද තාල වර්‍ගයේ ගස්වලින් පිෂ්ඨය ලබා ගැනීමට දැන
සිටිය හ. වැද්දන් මඩු ගෙඩි, ඕපුල්ල, බලගෙඩි ආදියෙන් පිෂ්ඨය ලබා
ගෙන ආහාර රැස්කර ගත් බව පැවසේ.
එහෙත් ශිරාන් දැරණියගල මහතාගේ අදහස අනුව තාල වර්‍ගයේ ගස්වලින් සීනි නිපදවා ගත්තේ යැයි හෝ ඔවුන්ගේ සීනි
අවශ්‍යතාවය සපුරා ගත්තේ යැයි හෝ කිව නොහැක.
ආදි මානවයන්ගේ කාලයේදී තාලවර්‍ගයේ ගස්වලින් සීනි නිපදවා ගැනීමට ඔවුන් දැන
සිටියේ නම් එම ජනතාක්‍ෂණය වැද්දන්
අතරට ද පාරම්පරිකව පැමිණිය යුතුව තිබුණි.
එහෙත් වැද්දන් තුළ තාල වර්‍ගයේ ගස්වලින් පැරැණි නිපදවා ගැනීමට දැනීමක්
නොවීය. ඔවුන්ගේ සීනි අවශ්‍යතාවය
සපුරා ගැනීම සඳහා මී පැණි, බඹර පැණි
අවශ්‍ය තරම් වනයේ තිබුණි.
මස් හා මසුන් ද මොරවැනි ආහාර ද කල්තබා ගැනීම සඳහා වැද්දන් භාවිත කළේ මී
පැණිය. එමෙන් ම වියළි මස්, මසුන්, අලවර්‍ග, කොස් මදුළු ආදි ආහාර කෑමට
ගැනීමේ දී මී පැණි හා බඹර පැණි මුසුකර ගැනීම
වැද්දන්ගේ සිරිතකි.
වැද්දන් මී බඹර කැඩීමේ දී කිරිවද හෙවත් පිලා වද ද ආහාරයට ගනියි. පිලවුන්
සහිත සුදු පැහැති කිරිවද ලී කරුවක
සවිකර ගිනි අඟුරුවලට උඩින් ගිනි රශ්මිය වැදෙන ලෙස දෙපැත්ත හරවමින් ‘රෝස්’ කර ගැනීමෙන් පසු එම වද තුළ
කරවී තිබෙන පිලවුන් කැන්ද කොළයකට හළාගෙන එයට පැණි
මුසුකර රස කැවිල්ලක් ලෙස කෑමට ගැනීම වැද්දන්ගේ සිරිතකි.
වැද්දන්ගේ මෙවැනි කෑම වට්ටෝරු තුළින් පැහැදිලි වන්නේ ආදිමානවයාගේ යුගයේ සිට
පැවති ආහාර සකස් කර ගැනීමේ පිළිවෙළ
එලෙසින් ම පවත්වා ගෙන යන බවයි.
ආදිමානවයා කායික වශයෙන් ගත්කළ වැද්දන්ට සමාන බව මානව විද්‍යාඥයන්ගේ
නිගමනවලින් පැහැදිලි වෙයි. දිග පටු හිස, ඉදිරියට නෙරා ඇති පළල් නළල්
තලය සහිත ඝන හිස් කබල් ඇට, ගෙවී ගිය
දත් හා මුක්කන් නහය වැනි බලංගොඩ මානවයාගේ කායික ලක්‍ෂණ බොහොමයක් වැද්දන්ගේ කායික ලක්‍ෂණ හා සමාන බව
මානව විද්‍යාඥයින් පෙන්වා දී ඇත.
කායික ලක්‍ෂණ මෙන් ම ආදි මානවයාගේ හා වැද්දන්ගේ චර්යා රටා තුළ ද මූලික
සමානකම් දක්නට ඇත.
නිට්ටැවුන්, මුක්කුරුන්, කන්පෙත්තන් යනුවෙන්
හැඳින්වෙන ආදි මානව වර්‍ග කිහිපයක් ගැන ද ස්ථිර
නොවු තොරතුරු “ආදි මානවයින්” ගැන හැදෑරීමේ දී අසන්නට
ලැබෙයි. මේ මානව ප්‍රභේදයන් ආදි මානවයාගෙන්
පැවත ආ තවත් නො දියුණු මානව කොටස් කිහිපයක් විය හැක.
නිට්ටෑවුන් ජීවත් ව ඇත්තේ දිගාමඩුලු වන පෙතේ මහ ලේනව පෙදෙසේ බව
සෙලිග්මාන්ගේ හා ආර්.එල්. ස්පිටල්ගේ කෘතිවල
සඳහන් වේ. දාහත්වන සියවසේ පමණ නිට්ටෑවුන් විසූ බව වැද්දන් අතර පවතින ජනප්‍රවාදයන් ගෙන්ද කියැවෙයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ විසූ ආදි මානවයින්ගෙන් පැවත එන මානව ප්‍රභේදයන්
අතර, මෙරට ඉතුරුව සිටින්නේ ‘වැද්දන්’ පමණකි.
දැනට සිදුකර ඇති කැණීම්වලින් සොයා ගත් කරුණුවලට අනුව ‘බලංගොඩ මානවයා’ගේ දේහ ලක්‍ෂණ ‘ඔස්ට්රෝලොයිඩ්’ වැදි ජනතාවගේ දේහ ලක්‍ෂණවලට
සමාන වන බව සනාථ වී ඇත. මෙම බෙල්ලන් බැදි
පැලැස්සේ කැණීම්වලින් සොයා ගත් ආදි මානවයාගේ දේහ ලක්‍ෂණ ලංකාවේ වැද්දන් තුළ වඩාත් පැහැදිලි ව දක්නට
ලැබෙන අතර ලංකාවේ ජීවත්වන අනෙකුත් සිංහල ජනතාව තුළ ද මද වසයෙන් දක්නට ඇති බව වාර්‍තා වෙයි.
ලංකාවේ වෙසෙන වැද්දන් පැවත එන්නේ මෙරට මුලින් වාසය කළ යක්‍ෂ ගෝත්‍රිකයින්
ගෙන් බව මෙහිදී පැහැදිලි වන අතර, සිංහල ජන වර්‍ගය විජයගෙන්
පසු මෙරට පැලපදියන් වන්නේ යක්‍ෂ ගෝත්‍රිකයන්
ගෙන් ඉතුරු වූ ජන කොටස් හා මිශ්‍ර වීමෙන් යැයි නිගමනය කළ හැකි ය.
ඒ අනුව සිංහල ජනවර්‍ගයා තුළ ද ආදි මානවයාගේ මෙන් ම යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ද
වැද්දන්ගේ ද ජාන ලක්‍ෂණ නොතිබෙතැයි කිව
නොහැකි ය.
N G Chandana Udaya Kumara
Buddhist and pai University.

No comments:
Post a Comment